gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විභාගේ පාස් වෙන්න බැහැයි විදුහල්පති පේන කියා සිසුන් 9ක් අනාථ කරයි

මේ වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ව සිටි සිසුන් 9 දෙනෙකුට විභාගය සමත් වීමට නොහැකියැයි කියා  විදුහල්පතිවරයා විසින් විභාගයට පෙනී සිටීමට ඉඩ නොදුන් පුවතක් මහවින් වාර්තා වේ.

මහව මාඑළිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ගේ මෙම තීන්දුවත්
සමගම මෙම සිසුන් 9 දෙනා පාසල් අධ්‍යාපනයෙන් සමුගෙන මාස 4ක්ද ඉක්ම ගොස් ඇත.

මේ පිළිබඳ අප කළ විමසීමකදී විදුහල්පතිවරයා කියා සිටියේ මෙම ළමුන් සාමාන්‍ය පෙළ  විභාගයට පෙනී සිටියේ නම් නිසැකයෙන්ම අසමත් වන බවයි.

ළමුන්ගේ වාර පරීක්ෂණ ලකුණු මට්ටම අධීක්ෂණය කිරීම මඟින් ඒ පිළිබඳ පැවසිය හැකි බවත්  නිසැකයෙන්ම ළමුන් විභාගයෙන් සමත් කිරීම සඳහා මෙවැනි පියවරක් ගත්  බවත්විදුහල්පති වරයා කීය.

මේ  පිළිබඳ අදහස් දක්වමින් පසල හැරගිය දරුවෙකුගේ මව කියා සිටියේ, කිසිවිටෙකත් තම දරුවාගේ අනාගතය තීරණය කිරීමට විදුහල්පතිවරයාට අයිතියක් නැති බවයි.

ළමයි කෙතරම් දඟ කළත් ඔහුට හෝ ඇයට විභාගය සඳහා පෙනී සිටිමට ඉඩ සළසා දීම මව්පියන් වශයෙන් තම අභිප්‍රාය බවත්, ඒ සඳහා වසර 11ක් පුරාවට බොහෝ කැප කිරීම් කර අවසානයේ විදුහල්පති මෙවැනි තීරණයක් ගැනීම කිසිසේත් සාධාරණ  නොවන බවත් මව්පියයෝ චෝදනා කරති.

රජය ළමුන් සඳහා පාසල් අධ්‍යාපනය වසර 13 ක් අනිවාර්ය කර තිබියදීත්  තම පාසල් නාමය යටතේ විභාග සඳහා පෙනී සිටින ළමුන් සියලු දෙනා ඉහළ ලකුණු මට්ටමකින් සමත් විය යුතුයැයි විශ්වාස කරන මෙවන් පාසල් ප්‍රධානීන් සමග රජය සිය අරමුණු මුදුන් පමුණුවා ගන්නේ කෙසේදැයි ප්‍රදේශ වාසීහු ප්‍රශ්න කරති.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka