gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බැසිල්ට එරෙහි මල්වාන නඩු විභාගය ලබන වසරට

දොම්පේ මල්වාන හාපිටිගම ප්‍රදේශයේ පිහිටි අක්‌කර 16 ක ඉඩමක්‌ මිලට ගෙන එහි සුවිසල් මැඳුරක්‌ ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ සහ තිරුකුමාරන් නඩේෂන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති නඩුව ලබන වසරේ මාර්තු මස 09, 16, 23 සහ මැයි මස
07, 16 සහ 22 යන දිනයන්හිදී විභාගයට ගැනීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (23 දා) තීරණය කළේය.

ඊයේ සවස 2.15 ට ගම්පහ මහාධිකරණයේදී නඩුව කැඳවූ අවස්‌ථාවේදී පළමුවැනි විත්තිකාර බැසිල් රාජපක්‌ෂ මහතා මහාධිකරණයේ පෙනී සිටි අතර දෙවැනි විත්තිකාර තිරුකුමාරන් නඩේෂන් මහතා මහාධිකරණ අවසර මත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට විදෙස්‌ගතව ඇති හෙයින් ඊයේ මහාධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

අධිචෝදනා පත්‍රයේ අඩුපාඩුවී තිබූ ලේඛන සහ සාක්‌ෂි සටහන් ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කොට දෙවැනි විත්තිකරුගේ නීතිඥයන්ට ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ඊයේ කටයුතු කරනු ලැබීය. පළමු විත්තිකරුගේ නීතිඥයන්ට අවශ්‍යව තිබූ ලේඛන සහ සාක්‌ෂි සටහන් ද දෙන ලදී.

එම ලේඛන සහ සාක්‌ෂි සටහන් පරීක්‌ෂාකර බලා වැරදි ඇත්නම් නිවැරදි කර ගැනීම සඳහා නඩුව නැවත මේ මස 29 වැනිදාට ගම්පහ මහාධිකරණයේදී කැඳවීමට නියම කෙරුණි.

තිස්‌ස ගුණවර්ධන, චානක කපුරුබණ්‌ඩාර, ඩී. ඒ. පී. වී. රත්න යන නීතිඥයන් ඇතුළු කණ්‌ඩායමක්‌ සමඟ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා පළමු විත්තිකාර බැසිල් රාජපක්‌ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka