gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එකම පවුලේ ජීවිත 3 ක් වියානා ඇළේ දිය රකුසා බිලිගත් හැටි - (Video)

දිවි බේරා ගත් නිවුන් දරුවා කියන තතාව..

"මම යි මල්ලී පිටිපස්සේ හිටියේ.. අම්මයි අප්පච්චි ඉස්සරහ හිටියා"

"මම විතරයි ඉතුරු වුණේ, මල්ලි අත් දෙක උඩට ඉස්සුවා දැක්කා"

මහියංගනය - මාපාකඩවැව - 17 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක්
මහවැලි වියානා ඇළට පෙරලීමෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව 17 හැවිරිදි දරුවෙකු අතුරුදන්වී තිබෙනවා.

අතුරුදන්වූ දරුවාගේ නිවුන් සහෝදරයා සිද්ධියෙන් දිවි බේරා ගැනීමට සමත් වුණා.

මෝටර් රථය වියානා ඇළට පෙරලී තිබුණේ ඊයේ (23) පස්වරු 3.45 ට පමණ.

එම අවස්ථාවේදී එකම පවුලේ මව, පියා සහ නිවුන් දරුවන් දෙදෙනා එහි ගමන්කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව පැයකට ආසන්න කාලයක් සිදුකළ මෙහෙයුමකින් පසු මෝටර් රථය ගොඩ ගැනීමට සමත් වුණා.

මෝටර් රථයේ සිරවී සිටි අඹුසැමි යුවළ රෝහල් ගතකිරීමට කටයුතු කළත් ඔවුන් ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය සඳහන් කළා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ අඹුසැමි යුවළ 43 හැවිරිදි සහ 41 හැවිරිදි වියේ පසුවන අතර, ඔවුන් මැණික්හින්න කේන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම ස්ථානයේ නිරන්තරයෙන් මෙවැනි අනතුරු සිදුවන බවයි.

අතුරුදන්වූ දරුවා සොයාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර , දිවි බේරාගත් නිවුන් සහෝදරයා සිද්ධිය මෙලෙස පැහැදිලි කළා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka