gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජයෙන් ගැලවෙයි…

කල්කටාහිදී ආරම්භ වූ ඉන්දියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව නිම කිරීමට ශ්‍රී ලංකා පිලට හැකි විය . තරඟයේ අවසන් දිනය වූ ඊයේ (20)දිනයේ අවසන් භාගයේ දී ඉතා ප්‍රබල තත්වයක සිටි ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය අභියසටම පැමිණියත් අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය.

පළමු ඉණිමට ඉන්දියාව රැස් කල ලකුණු සංඛ්‍යාව 172 යි. (පුජරා 52යි)(ලක්මාල්26-4)

පළමු ඉණිමට ශ්‍රී ලංකාව රැස් කල ලකුණු සංඛ්‍යාව 294 යි. (හේරත් 67යි.මැතිව්ස් 52යි. තිරිමාන්න 51යි.)(බුවනේශ්වර් 88-4 , ශමී 100-4))

ලකුණු 122ක වාසියක්ද සමග පළමු ඉනිමේදී ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු සහිතව දෙවන ඉනිමේ ක්‍රීඩා කලත් ඉන්දීය කණ්ඩායමේ දක්ෂ පිතිකරණය හේතුවෙන් ජග්‍රහණ බලාපොරොත්තු ශ්‍රී ලංකාවෙන් දුරස් වන්නට විය.

දෙවන ඉණිමට ඉන්දියාව රැස් කල ලකුණු සංඛ්‍යාව 352/ 8 යි. (කෝලි 104, ධවාන්94, රාහුල්79 ) (ශානක 76-3, ලක්මාල් 93-3)

දෙවන ඉණිමට 231ක ඉලක්කයක් ලැබුණු ශ්‍රී ලංකාවේ කඩුලු මුල සිටම බිඳ වැටෙන්නට පටන් ගන්නා ලද අතර තරමක හෝ පිතිකරණ දක්ෂතාවක් පෙන්වුයේ චන්දිමාල් සහ දික්වැල්ල පමණි. තරඟය අයහපත් ආලෝක තත්වය හේතුවෙන් නතර කරන විට ශ්‍රී ලංකාවේ කඩුලු 7ක් ලකුණු 75ක් තුල බිඳ වැටී තිබුණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ බුවනේශ්වර් කුමාර් ලකුනු 8 ට කඩුලු 4යි.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය 24 වෙනිදා නාග්පුර්හිදී ආරම්භවීමට නියමිතය.

-(හේමන්ත තුෂිත කුමාර )

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka