gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපරාධ ගොඩක මහ මොළකරු රට බෝම්බයක් එක්ක කොටු

අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයෙකු හබරාදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හබරාදූව - මීගොඩ පාළම අසළදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට උත්සහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ
විමර්ශනයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

ස්ත්‍රී දූෂණ නඩු දෙකක්, ජීව අත්බෝම්බ ළඟ තබාගැනීම් නඩු 2ක්, කොල්ලකෑම් හා ගෙවල් බිඳුම් නඩු 10ක් ඇතුළු නඩු රැසක් සැකකරුට එරෙහිව පවතින අතර ඔහු ඇතැම් නඩුවලට අධිකරණයෙන් දඬුවම් ලබා ඇති අයෙකු බව ද සඳහන්ය.

37 හැවිරිදි පිලාන, වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හබරාදූව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka