gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බෙල්ලන්විල විමලරතන නාහිමි අනුනායක ධු‍රෙන් අස්වේ

කෝට්ටේ කල්‍යාණි සාමගී්‍ර ධර්ම මහා සංඝ සභාවේ.... අනුනායක ධුරයෙන් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් ඉල්ලා අස්වී තිබේ. පසුගිය 18 වැනිදා සවස කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී මහා සංඝ සභාව එහි නායක

පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වී
තිබේ. තමන්ට තවදුරටත් මෙම මහා සංඝ සභාව නියෝජනය කිරීමට නොහැකි බව ප්‍රකාශ කොට ඇති බෙල්ලන්විල විමලරතන නාහිමියන් මෙම ඉල්ලා අස්වීම ලිඛිතව භාර දී තිබේ.

ඉල්ලා අස් නොවන ලෙසට සංඝ සභාවේ බහුතරයක් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලීම් කළත් බෙල්ලන්විල විමලතරන නාහිමියන් තමන් වහන්සේගේ තීරණය වෙනස් කර නොමැත. මේ සම්බන්ධයෙන් විමසීමේදී නාහිමියන් සඳහන් කළේ තමන් වහන්සේගේ කාර්යබහුලත්වය වැඩි නිසා මෙම තීරණය ගත් බවයි.

තමන් රට, ජාතිය, ආගම වෙනුවෙන් එදා සිටම පෙනී සිටිය බවත් ඒ සඳහා තනතුර අවශ්‍ය නොවූ බවත් පවසන බෙල්ලන්විල විමලරතන නාහිමියන් සඳහන් කළේ ඉදිරියටත් රට, ජාතිය, ආගම වෙනුවෙන් අනිවාර්යයෙන්ම පෙනී සිටින බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka