gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාසල් සිසුන්ගේ ඇඟිලි සළකුණු ලබා ගැනීමේ වැඩපිළිවෙලක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ, විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය
අකිල විරාජ් කාරියවසම් පත්කළ කමිටුවක් විසින්.

එම කමිටුව හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්, අධ්‍යාපනඥයින් සහ විභාග දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරින්ගෙන් සමන්විතයි.

අදාළ කමිටුව යෝජනා කර තිබෙන්නේ ඇඟිලි සළකුණු ලියාපදිංචි කිරීම හරහා අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙන බවයි.

එමෙන්ම සෑම විභාග අයදුම්කරුවෙකුටම ශිෂ්‍ය අංකයක් ලබාදිය යුතු බවද එහි තවත් යෝජනාවක් වනවා. අයදුම්කරුවෙකු එකම ශිෂ්‍ය අංකයෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගයට ඉදිරිපත් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කළ කමිටුවේ අදහස වී ඇත්තේ.

ඒ හරහාද අයදුම්කරුවන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකියාව පවතින බවද එම කමිටුව සඳහන් කළා.

කෙසේවෙතත් මෙම නව ක‍්‍රමවේද කි‍්‍රයාවට නැංවිය යුතු කාලය පිළිබඳ තවමත් තීරණය කර නොමැතිි බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසුවේ.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka