gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විනිසුරුවන් 41කට ස්ථානමාරුවීම් !

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අධිකරණ සේවා නිලධාරීන් 41 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

මෙම ස්ථාන මාරුවීම් 2018 ජනවාරි 01දා සිට ක්‍රියාත්මක බව පැවසේ.

ස්ථානමාරුවීම් ලැබූ නිලධාරීන් අතරට දිසාවිනිසුරුවන්, මහේස්ත්‍රාත්වරුන්, අතිරේක දිසා විනිසුරුවන් හා අතිරේක මහේස්ත්‍රෙත්වරුන්ද අයත්ව සිටිති.


නුවරඑළිය දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කළ එම්.ජී.එම්.සී.එම්.ෆර්ඩිනැන්ඩස් මහතා ගංගොඩවිල දිසා විනිසුරුවරයා ලෙස මාරුකර ඇති අතර හෝමාගම දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කළ එම්.සී.එම්. අබේරත්න මහතා කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ලෙස මාරුකර තිබේ.

ගංගොඩවිල අතිරේක දිසාවිනිසුරු එම්.එම්.එස්.වයි. මාපා බණ්ඩාර මහතා කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ලෙසත්, ගල්කිස්ස දිසා විනිසුරුවරිය ලෙස කටයුතු කළ සී.අමරතුංග මහත්මිය හෝමාගම නව දිසා විනිසුරුවරිය ලෙසත් පත්කර ඇත.

ඊට අමතරව කොළඹ අතිරේක දිසා විනිසුරුවරිය ලෙස කටයුතු කළ ඒ.අයි.කේ.රණවීර මහතා ගල්කිස්ස දිසා විනිසුරුවරිය ලෙසත්, ගම්පහ අතිරේක දිසා විනිසුරුවරිය ලෙස කටයුතු කළ ඩබ්ලිව්.ඩී. විමලසිරි මහත්මිය මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ලෙසත් පත්කර තිබේ.

ගංගොඩවිල, පුත්තලම, චාවකච්චේරිය, මන්නාරම, යාපනය, හලාවත, වැලිමඩ, මොනරාගල, මුත්තූර්, වව්නියාව සහ මුලතිව් දිසා විනිසුරුවරුන්ටත්, මඩකලපුව, මීගමුව, නුවරඑළිය, මාලිගාකන්ද, මහර, මාතර, කෑගල්ල, බලපිටිය, බිබිල, ඇඹිලිපිටිය හා ආණමඩුව මහේස්ත්‍රාත්වරුන්ටත් ස්ඨානමාරුවීම් ලබාදී ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka