gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රවේගකාරී තරග රටාවක් ඇති ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා නායකත්වයට ගේන්න යයි

ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු කියාසිටියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල නව නායකත්වයක් යටතේ තරග වදින බවයි.

ඒ අනුව ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව්
කී‍්‍රඩක තිසර පෙරේරාගේ නමද යෝජනා වී තිබෙනවා.

කී‍්‍රඩකයින් කිහිපදෙනෙකුම එක්දින නායකත්වය සඳහා යෝජනා කෙරුණද එ් අතරින් තිසර පෙරේරා ඉදිරියෙන්ම සිටින බවයි ඔහු කියා සිටියේ.

පාකිස්ථාන කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට නායකත්වය ලබාදුන්නේද තිසර පෙරේරායි.

එම තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල පරාජය වුවද ඔහු කණ්ඩායම මෙහෙයවූ ආකාරය පිිළිබඳව තේරීම් කමිටු සාමාජිකයින්ගේ පැසසුමට ලක්ව තිබෙනවා.

ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ වත්මන් නායක උපුල් තරංග පිතිකරණයෙන් දක්ෂතා දැක්වුවද නායකයෙකු ලෙස අසාර්ථක බවයි තේරීම් කමිටුවේ මතය වී ඇත්තේ.

එක්දින කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්නගේ නම් යෝජනා වී ඇති බවද ඉකුත්දා වාර්තා වුණා.

කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල් වර්තමානයේ එක්දින පිටියේ දක්වන දක්ෂතා පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි තේරීම් කමිටුව පවසා ඇත්තේ. එ්, චන්දිමාල්ට එක්දින කණ්ඩායමේ 11 දෙනා අතරට එ්මද වර්තමානයේ අභියෝගයක් වී ඇති බැවින්.

ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් කරන කී‍්‍රඩකයා පිළිබඳව තේරීම් කමිටුව තවදුරටත් සාකච්ඡා කරමින් සිටින අතර එහි අවසන් තීරණය ලබන 30 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka