gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොන්ඩම් මැෂින් ළඟදීම ඔබේ නගරයේ

නොමිලේ කොන්ඩම් ලබාගත හැකි යන්ත්‍ර පන්සීයක් රටපුරා ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහන තීරණය කර තිබේ.

මේ යන්ත්‍ර කොළඹ, කළුතරථ ගම්පහ, රත්නපුර, කුරුණෑගල, මහනුවර ඇතුළු ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් සවි කිරීමට පියවර ගන්නා බව
එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතාගේ මහතා සඳහන් කළේය.

එම යන්ත්‍ර මගින් තමන්ට අවශ්‍ය පමණ කොන්ඩම් ලබාගත හැකි බවත්, ඊට කිසිදු මුදලක් වැය නොවන බවත් ඔහු කියා සිටියේය.

අනාරක්ෂිත ලිංගික කාර්යන්හි නියැලෙන පුද්ගලයන් නිසා එච්.අයි.වී.පැතිරයාමේ අවදානමක් ඇතිවී ඇති නිසා එය වැලැක්වීමට මේ පියවර ගත් බව පැවසේ.

මේවන විට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ද කොන්ඩම් යන්ත්‍ර සවිකිරීම ආරම්භ කර ඇති අතර එවැනි යන්ත්‍රයක් මේවන විට කොළඹ බුලස් පාරේද සවිකර තිබේ.

කෙසේවුවද, එම යන්ත්‍රයෙන් කොන්ඩම් පැකට්ටුවක් ගැනීමට රුපියල් 50ක මුදලක් වැයවේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka