gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බංගලාදේශය හැරදා හතුරු සද්ද නැතුවම ලංකාවට ඇවිත් - එවෙලෙම ක්‍රිකට් ආයතනයට ගොස් මහ රෑ වෙනකං සාකච්ඡා කරලා..!

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඊයේ (21දා) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

චන්දික හතුරුසිංහයන් පිළිබඳ පසුගිය සමයේ විශාල වශයෙන් කතාබහට
ලක්වූ අතර,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ජාතික පුහුහුණුකරු ලෙස වැඩ භාරගැනීමට නියමිතව සිටියි.

 ශ්‍රී ලංකාවට පැමිණි විගස ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය වෙත ගොස්  වත්මන් ක්‍රිකට් පරිපාලනය සමග දීර්ඝ සාකච්ඡාවක් සිදුකර ඇතැයිද , එම සාකච්චා මධ්‍යම රාත්‍රිය වනතෙක් පැවති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට හතුරුසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගැනීමට සිය එකඟතාව පළකර ඇති අතර, ඒ අනුව ඉන්දීය සංචාරයෙන් අනතුරුව පැවැත්වීමට නියමිත එක්දින තරග 03කින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේදී ඔහු ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩභාරගැනීමට නියමිත බවද වාර්තා වේ.

චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වීමත් සමග මේ වනවිට අතුරු පුහුණුකරු ලෙස කටයුතු කරන නික් පෝතාස් යළිත් පන්දු රැකීමේ ධුරයේ කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.

චන්දික හතුරුසිංහ කලක් (කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන සමයේ) ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අතර, පසුව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගත්තේය.

හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත්වීමෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම ආසියාවේ මෙන්ම ලොව ප්‍රබල කණ්ඩායමක් ලෙස ශීඝ්‍ර දියුණුවක් ලැබූ බව නොරහසකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka