gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සීනි සේවකයන්ට අයවැය සහනයක් තිත්තවෙලා !

පැල්වත්ත සීනි සමාගම හා සෙවනගල සීනි සමාගම පුද්ගලීකරණය කිරීමට 2018 රජයේ අයවැයෙන් වන සූදානම පරාජය කිරීම වෙනුවෙන් අද (22) බුරුත හන්දියේදී (මොණරාගල ප්‍රධාන මාර්ගයේ) විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට එහි වෘත්තීය සමිති එකමුතුව කටයුතු යොදා තිබේ.

මේ වනවිට රජයේ සමාගමක් ලෙස පවතින මෙම ආයතන දෙකම ලාභ
ලබමින් පවතින අතර, මහා පරිමාණයෙන් සේවා සපයන ආයතනයන් බවටද පත්වී ඇතැයි උද්ඝෝෂණයේ සංවිධායකයෝ කියති.

රටේ සීනි කර්මාන්තයම නැවත පරිහානිය කරා ගෙන ගොස් එය විනාශ කිරීමට කිසිසේත් ඉඩ නොදීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙන අතර ඒ වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනීමට සියලූ සේවකයින් එක්ව ඇතැයිද ඔවුහු පවසති.

මෙම ක්‍රියාමාර්ගය සඳහා මෙම සමාගම් හි ක්‍රියාත්මක සියළු වෘත්තීය සමිති පක්‍ෂ, පාට භේදයකින් තොරව එක්වීමට නියමිත බවත්, ඒ අනුව කිසිදු අයුරකින් මෙම ආයතන පුද්ගලීකරණයට හෝ 2011 දී රජයට පවරා ගන්නා අංක 43 දරණ පනත අහෝසි කිරීමට ඉඩ නොතැබීමටද වෘත්තීය සමිති තීරණය කර ඇතැයිද ඔවුහු කියා සිටිති.

2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී සම්මත කරන ලද්දක් වන අතර, අදාළ පනතට අනුව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාට එවකට අයත්ව තිබූ සීමාසහිත සෙවනගල සීනි සමාගම එම පනත යටතේ පවරා ගනු ලැබීය.

මේ පණත අහෝසි කිරීමට සැරසෙන්නේ ඇමති දයාට අදාළ සමාගම නැවත ලබාදීමට යැයි චෝදනාවක්ද මේවන විට එල්ලවී තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka