gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු 6 දැරියට හදි කරන්න ගිය අවුරුදු 78 සීයා බරපතළ වැඩ සහිතව ඇතුළට යයි

මුලතිව් ප්‍රදේශයේ හය හැවිරිදි දැරියකට ලිංගික අපරාධයක් කිරීමට තැත්කළ වයස අවුරුදු 78 ක වයෝවෘද්ධ පුද්ගලයෙකුට වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂිමහේන්ද්‍රන් මහතා විසින් බරපතළ වැඩ සහිතව වසරක සිර දඬුවමක් නියම කර තිබේ.

මීට අමතරව එම දැරියගේ පවුලට රුපියල් 50000 ක දඩ මුදලක්ද ගෙවන ලෙස නියෝග කොට ඇති විනිසුරුවරයා එම මුදල ගෙවීම පැහැර
හරින්නේනම් තවත් මාස දහ අටක කාලයක අමතර සිර දඬුවමක්ද නියම කොට තිබේ.

2013 නොවැම්බර් මස 28 වෙනිදා මෙම විත්තිකරු මුලතිව් පලාතේ තමන් පදිංචි නිවසට යාබද නිවසේ සිටි හය හැවිරිදි දැරියක්ව ලිංගික අපයෝජනයකට ලක් කිරීමට තැත් කළ බවට එම දැරියගේ මව මුලතිව් පොලීසියට පැමිණිලි කොට තිබුණි.

පොලීසිය විසින් එම සැකකරුව අත් අඩංගුවට ගෙන මුලතිව් දිසා අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණි.

මුලතිව් දිසා අධිකරණයේදී මෙම නඩුව පිළිබදව වූ මූලික නඩු විභාගය අවසන් වීමෙන් පසුව එම නඩුව නීතිපතිවරයාගේ උපදෙස් මත 2017 ජූනි මස 23 වෙනි දින විභාගයට ගෙන තිබුණි.

අදාළ නඩුව පිළිබඳව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව දී තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka