gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විලත්තව මත් කළ ඇපල් පෙති විකුණු ෆාමසිය වටලයි

අලවි කිරීම සඳහා ළඟ තබා ගෙන සිටි ට්‍රැමඩෝල් පෙති 4720 ක් සමඟ සැකකරුවෙකුව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ ආහාර සහ ඖෂධ පරීක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - විලත්තව
ප්‍රදේශයේ ඖෂධ අලවිසැල් හිමිකරුවෙකු වන බවයි.

39 හැවිරිදි සැකකරු සතුව තිබීයදී අත්අඩංගුවට ගෙන ඇති මෙම ට්‍රැමඩෝල් පෙතිවල වටිනාකම රුපියල් 14,16,000 ක් වන බව වැටලීම කළ නිලධාරීන් සඳහන් කරයි.

විලත්තව ප්‍රදේශයේ පවත්වා ගෙන යනස ඖෂධ අලවි සැලක ට්‍රැමඩෝල් පෙති අලවි කරන බවට වූ තොරතුරක් හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලැබී ඇත.

ඒ අනුව වෙස් වලාගත් පොලිස් නිලධාරියෙකු අදාල ඖෂධ අලවි සැළට ගොස් එක් පෙත්තක් රුපියල් 300 බැගින් වූ මිළකට ලබා ගෙන ඇත.

එම අවස්ථාවේදී ඖෂධ අලවි සැල පවත්වා ගෙන ගිය අය පවසා ඇත්තේ අදාල ට්‍රැමඩෝල් පෙත්ත එම ස්ථානයේදීම පානය කරන ලෙසයි.

ඒ වන විට රැකවල් ලා සිට ඇති පොලිස් නිලධාරීන් සහ ආහාර හා ඖෂධ වැටලීම් ඒකකයේ නිලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක වී ඖෂධ අලවි සැළ පරීක්ෂාවට ලක් කර ඇත.

එම ඖෂධ අලවි සැලේ තිබී ටැමඩෝල් පෙති 120 ක් සොයා ගැනීමට වැටලීම කළ නිලධාරීන්ට හැකිවී ඇත.

ඖෂධ අලවි සැල පවත්වාගෙන ගිය පුද්ගලයාගෙන් තව දුරටත් ප්‍රශ්න කර ඔහු පදිංචිව සිටි නිවස වැටලීමට නිලධාරීන් කටයුතු කර ඇත.

එම නිවසේ තිබී තවත් ට්‍රැමඩෝල් පෙති 4600 ක් අඩංගු පෙට්ටි 46 ක් වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.

ඇපල් පෙති නමින් හඳුන්වන මෙම ට්‍රැමඩෝල් පෙති සැකකරු පාසල් දරුවන් සහ තරුණයින් ඉල්ලක්ක කර ගනිමින් අලවි කර ඇති බව වැටලීම කළ නිලධාරීන් සඳහන් කරයි.

සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පුත්තලම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වන පී.ඩී.එම්.ප්‍රේමරත්න,ඩබ්ලිව්.එම්.ආර්.ප්‍රියන්ත යන මහත්වරුන්ගේ සහයෝගය ඇතිව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එච්.කීර්තිපාල,පොලිස් සැරයන් 54636 ජයරත්න,පොලිස් කොස්තාපල්වරුන් වන 31581 අශෝක, 51745 කළුබෝවිල,66133 කුලරත්න,67308 රත්නායක,පොලිස් කොස්තාපල් රියදුරු 17218 සෙනරත් යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka