gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්‌ටුව සමග කිසිම හවුලක්‌ නෑ - දුමින්ද

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා දේශපාලන පෙරමුණක්‌ හෝ සන්ධානයක්‌ ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නිල මට්‌ටමින් හෝ නිල නොවන මට්‌ටමින් පොදුජන පෙරමුණ සමඟ හෝ එහි නායකයන් සමඟ කිසිම සාකච්ඡාවක්‌ පවත්වා නැතැයි ශ්‍රී
ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.

විපක්‍ෂයේ දේශපාලනඥයන් මාධ්‍ය මගින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට මඩ ගැසීම සඳහා කටකතා පතුරුවන බවත් ඒවාට නොරැවටෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.

පළාත් පාලන මැතිවරණය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ආසන මට්‌ටමින් සහ ගම් මට්‌ටමින් සියලු සංවිධාන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතැයි ද නාම යෝජනා ලැයිස්‌තු සකස්‌ කිරීම 100% ක්‌ මේ වන විට අවසන් කර තිබෙන බවත් ඇමැතිවරයා පැවසීය.

(දිවයින)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka