gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආයෙත් ඉන්ධන හිඟයක්ද ? - පෝලිම්වල ඉන්න අයට ඛනිජ තෙල් ගබඩා පර්යන්තයෙන් පණිවුඩයක්

දිවයින තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සංජීව විජේරත්න පවසනවා.

ඔහු කියා සිටියේ එම නිසා තෙල් හිඟයක් පවතින බවට ජනතාව කිසිදු බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ඊයේ පස්වරුවේ ඉන්ධයන හිඟයක් ඇති බවට කට කතා පැතිරයාමත්
සමග පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඒ සම්බන්ධයෙක් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ තවත් ඉන්ධන නෞකා දෙකක් ඉදිරි සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

මේ අතර ඉන්ධන ලබා ගැනිම සඳහා දිගු පොලිම් අද ( 20 ) දිනයේද හෙම්මාතගම නගරයේ ඉන්ධන පිරවුම් හලේ දැක ගත හැකි වුණා.

වැඩි වශයෙන්ම ඉන්ධන ලබා ගැනිමට දිගු පෝලිම් දක්නට ලැබුණේ ත්‍රිරෝද රථ රියදුරන් වන අතර ඊට පෙර දිනයේ පස්වරුවේ සිට මෙලෙස දිගු පෝලිම් දැක ගත හැකි වු බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල්වල සේවක මහතුන් සහ එහි කළමණාකරුවන් පවසා ඇත්තේ මේ වන විට ඉන්ධන හිඟයක් නොමැති බවයි.

නමුත් පැතිර යන කට කථා සහ වෙනත් සමාජ ජාල වෙබ් අඩවි වලින් පැතිර යන තොරතුරු පදනම් කොට ගෙන මෙලෙස ඉන්ධන පිරවුම් හල් අසල වාහන තදබදයක් ඇති වී තිබෙන බවද ඔවුන් පවසා ඇත.

ඩීසල් ලබා ගැනිමට විශාල වාහන පෝලිම් නැතත් පෙට්‍රල් ලබා ගැනීම සඳහා මෙලෙස වාහන තදබදයක් තිබුණු බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර රටේ ඉන්ධන හිඟයක් ⁣නොමැති බවත් අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අදාල පරීක්ෂණ  රහස් පොලීසියට භාරදුන් බවත්, ඛණිජ තෙල් අමාත්‍යාංශය පැවසුවා.

ඉන්ධන සම්බන්ධයෙන් ගැටළු පවතීනම් පහත සඳහන් දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඛණිජ තෙල් අමාත්‍යාංශය පවසා තිබෙනවා.

දු.ක - 0115 455 130


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka