gossip lanka

නඩුබඩු අතර බඩුවක් පත්තුවෙයි !

මහියංගණය දිසා අධිකරණයේ නඩු භාණ්ඩ කුටියේ තිබූ බෙහෙත් කොටන තුවක්කුවක් ඊයේ (28) දහවල් 1.15 ට පමණ ඉබේ පත්තු වී ඇත. මේ නිසා අධිකරණ භූමියේ නඩු කටයුතු සඳහා පැමිණ සිටි පිරිස හා අධිකරණ කාර්යමණ්ඩලය මහත් භීතියට පත්ව තිබේ.

පසුගිය 26 වැනි දා දඹාන ප්‍රදේශයේදී අත්තඩංගුවට ගනු ලැබූ බෙහෙත්
කොටන තුවක්කුවක් අධිකරණය හමුවට ඉදිරිපත් කොට නඩු භාණ්ඩ කුටියේ තැන්පත් කර තිබියදී මෙසේ ස්වයංක්‍රීයව පත්තු වී ඇත.

මෛම සිද්ධියෙන් කිසිවෙකුටත් හානි වී නොමැති අතර ගබඩා කාමරයේ බිත්තියේ සිමෙන්ති පතුරක් ගැලවී ගොස් ඇත.

මේ සම්බන්ධව මහියංගණ සහකාර පොලිස් අධිකාරී උජිත් ලියනගේ මහතාගේ උපදෙස් මත මහියංගණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විජේසේකර මහතා පරීක්ෂණ පැවැත්වීය.



gossip lanka