gossip lanka

උතුරේ ගංවතුර පවුල් 2518කට හානි !

උතුරු පළාතට ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 2518 කට අයත් පුද්ගලයින් 9141 දෙනෙකු විපතට පත් වී ඇති බව යාපනය දිස්ත්‍රීක් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා කියා සිටියේය.

එසේම වර්ෂාව හේතුවෙන් යාපනයේ නිවාස 4 කට පූර්ණ හානි සිදුව ඇති
අතර නිවාස 159 කට අර්ධ හානි සිදුව ඇති බවත් ඔහු කීය.

යාපනයේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ යාපනය මරදන්කේනි ප්‍රදේශයේ වන අතර එහි පවුල් 643 ක් විපතට පත්ව ඇති බව යාපනය දිස්ත්‍රීක් ලේකම්වරයා කියා සිටියේය.

ඊට අමතරව උඩුවිල්හි පවුල් 106 (385), ඌර්කාවත්තුරේයි පවුල් 40 (137), කරෙයිනගර් පවුල් 8 (27), යාපනය නගරයේ පවුල් 55 (209), නල්ලූර් පවුල් 151 (552), කෝපායි පවුල් 249 (893), සංගානෙයි පවුල් 277 (1066), සන්දිලිප්පායි පවුල් 128 (444), තෙලිප්පලෙයි පවුල් 393 (1253), චාවකච්ඡේරි පවුල් 189 (759) , පේදුරුතුඩුව පවුල් 283 (1045) , මරදන්කේනි 643 (2382) වශයෙන් විපතට පත්ව ඇතැයි ද ඔහු කීය.

මේ අතර වර්ෂාව හේතුවෙන් යානයේ හානි වී ඇති නිවාස සියල්ලක්ම පාහේ යුද්දයෙන් පසුව නැවත පදිංචියට පැමිණ තාවකාලිකව ඉදිකරගත් නිවාස බවත් විපතට පත්ව සිටින වැසියන් වෙනුවෙන් මේ වන විටත් යාපනය දිස්ත්‍රික් ලෙකම් කාර්යාලය හා අපාදා කලමනාකරණ කාර්යාල හරහා අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු යොදා ඇති බවත් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා සඳහන් කළේය.



gossip lanka