gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටොන් බාගයකට වැඩි මාළුවෙක් ධීවර දැලකට හසුවේ…

කිලො 500 කට වැඩි බරින් යුක්ත තිත් මඩුවා නැමති මුහුදු මාලුවෙකු මන්නාරම් පේසාලෙයි වන්කාලෙයි මුහුදු තීරයේදී ධීවරයින්ගේ දැලකට හසුව තිබූ බවට මන්නාරම් ධීවරයින් කියා සිටියහ.

මෙම මාලුවා ධීවරයින්ගේ දැලකට හසුව තිබූ අතර ධීවරයින් දැල් පරික්ෂා
කිරීමට යන අවස්ථාව වන විටත් මාලුවා මිය ගොස් සිටි බවටද ධීවරයින් කියා සිටියහ.

පසුව තිත්මඩුවා ගොඩට ගෙන ඒමෙන් පසුව ට්‍රැක්ටරයක පටවාගෙන ධීවරයින් විසින් වීදි සංචාරයක නිරත වූ අතර මාලුවා දැක බලා ගැනීමට දහසකට අධික පිරිසක් පැමිණි සිටියහ.

මේ අයුරින් මන්නාරම තාවල්පාඩු මුහුදු තීරයේදී දැවන්ත මත්ස්‍යෙයකු හසුව සිටි බවත් එම මාලුවාද මිය ගොස් තිබියදී ධීවරයින්ට හමුව ඇති අතර ධීවර දැල්වල ඇති විෂ සහිත භාවය නිසා මෙම මසුන් මිය යන බවටද ධීවරයින් වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka