gossip lanka

ගෝඨාගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි.

ඒ අනුව ඔවුනට එරෙහි නඩුව ලබන පෙබරවාරි 26 විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.

විත්තිකරුවන්ට තමන් නිවැරදිද නැද්ද යන්න සම්බන්ධයෙන් වන ලේඛන බාරදීමට ද නියෝග කෙරිණි.
gossip lanka