gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරීන් ක්‍රිකට් තේරීම් කමිටුවටත් ඉල්ලා අස්වෙන්න කියයි

ක්‍රිකට් තේරීම් කමිටුවටත් ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දන්වා ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

බංග්ලාදේශ සංචාරයට ක්‍රිකට් පිල නම් කිරීමෙන් පසුව මොවුන්ට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බව පැවසේ.

දොස්තර ෂාෆි කූඩු කළ නඩුකාරයාට විරුද්ධව පැමිණිලි

වඳ සැත්කම් කළ බවට ජනමාධ්‍ය සහ බෞද්ධ භික්ෂුන් විසින් නගන ලද චෝදනා වලින් නිදොස් කරනු ලැබ තවමත් සිරගත කොට සිටින වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි සම්බන්ධ නඩුව විභාග කළ විනිසුරුවරයාට එරෙහිව පැමිණිලි ගොනුවී තිබේ.

ධීවර යාත්‍රා 30ක් මාලදිවයින දෙසට ගසාගෙන ගිහින් !

අධික සුළං සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා 30 කට අධික සංඛ්‍යාවක් මාලදිවයින දෙසට ගසා ගෙන ගොස් ඇති බව ධිවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

රැඳවුම් භාරයේ සිටියත් කංජිපානිගේ කුඩු ජාවාරම් ක‍්‍රියාත්මකයි

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැුගෙන ඒමෙන් පසුව දැනට පොලිසිය භාරයේ සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ කුඩු ජාවාරම මේ වන විටත් පාකිස්තාන මත්කුඩු ජාලය හරහා සකී‍්‍රය ලෙස කි‍්‍රයාත්මක වන බව බුද්ධි අංශවලට වාර්තා වී තිබේ.

 රැඳවුම් භාරයේ සිටියදීම කංජිපානි ඉම්රාන් විසින් සිය මත්කුඩු ජාලයේ මෙරට ඒජන්තයන් දුරකථන ඔස්සේ අමතමින් සියල්ල මෙහෙයවමින් සිටින බවද බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත.

ශ්‍රී ලංකා ග්ලෝරි නැව රූමස්සල කන්දේ හැපෙයි

ගාල්ල වරායේ නැංගුරම් ලා තිබූ ශ්‍රී ලංකා ග්ලෝරි නැමැති භාණ්ඩ නෞකාව ඊයේ (18) සවස දැඩි සුළඟට හසුව නැංගුරම කැඩී රූමස්සල දෙසට පාවී ගොස් අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

ගාල්ල වරාය සේවකයකු කියා සිටියේ නැංගුරම් කැඩී රූමස්සල කන්ද දෙසට පාවී ගිය නැව සාම චෛත්‍යට පහල ගල්පර අතර සිරවී තිබූ බවත්, නැවට ජලය කාන්දු වෙමින් පැවති බවත් ය.

රූමස්සල වෙරළේ සෙල්ෆි ගනිද්දී මුහුදට වැටී අතුරුදන් දෙදෙනාගේ මළ සිරුරු හමුවෙයි

උණවටුන රූමස්සල වෙරළ තීරයේ ගල් පර්වතයක් මත නැඟී සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී මුහුදට වැටී අතුරුදන්ව සිටි තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු ඊයේ (18දා) හමුවී ඇත.

මෙසේ හමුවී ඇත්තේ ගල් පර්වතයේ සිට මීටර් 100ක් පමණ දුරින් මුහුදු තීරයේ මෙකී තරුණයන්ගේ මළ සිරුරු පාවෙමින් තිබියදීය.

අ.පො.ස. උසස්පෙළ විභාගය අගෝස්තු මස 5 වනදා සිට 31 දක්වා

මෙවර අ.පො.ස. උසස්පෙළ විභාගය අගෝස්තු මස 5 වනදා සිට 31 දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2678කදී පැවැත්වෙනවා.

මෙවර නව විෂය නිර්දේශය යටතේ 198229ක අපේක්ෂකයන් පිරිසක් සහ පැරණි විෂය නිර්දේශය යටතේ 139475ක අපේක්ෂකයන් පිරිසක්ද ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 337704 මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.

පාන් මිල වැඩි නොවන බව බේකරි හිමියන් කියයි

පෙරේදාා (17) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5කින් ඉහළ දැමු ග්‍රෑම් 450 ක් වු පාන් රාත්තලක මිල ඊයේ  (18) රාත්‍රියේ සිට නැවත පැරණි මිල ගණන් යටතේ අලෙවි කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඊයේ වැස්සට ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 නාය ගිහින්- එක් අයෙක් අතුරුදහන් - (photos)

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් මහවැලි ගග දෙසට නායගොස් වෙළදසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

පිරිමින්ට වැල‌ෙඳන මුඛ පිළිකාවලින් ලෝකයේ අංක 01 ශ්‍රී ලංකාවයි

පිරිමින්ට වැල‌ෙඳන මුඛ පිළිකාවලින් ලෝකයේ අංක 01ට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා හා සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්ෂික සෞඛ්‍ය දර්ශකය මගින් පෙන්වා දී ඇතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පැවසීය.

වයසට යන්න හදන අයට අනතුරු ඇඟවීමක් !

සමාජ මාධ්‍යවල නවතම FaceApp රැල්ල නිසා පරිශීලකයන්ගේ දත්ත අනතුරට ලක්ව ඇති බව තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.

මෑතකදී සමාජ මාධ්‍ය අඩවිවල #AgeChallenge ලැව්ගින්නක් සේ පැතිර යන අතර, සෑම කෙනෙකුම එය රැල්ලකට සිදුකරමින් සිටියි.

කටුවාපිටියේ දේව මෙහෙයන් 21දා ඇරඹෙයි

ප්‍රතිසංස්කරණය කෙරුනු මිගමුව කටුවාපිටිය දේවස්ථානය ලබන 21 වැනිදා දේව මෙහෙය සදහා විවෘත කරන බව කොළඹ සහායක රදගුරු ජේ. ඩී. ඇන්තනි පියතුමා පවසති.

එදිනට දේවස්ථානය කැපකිරීම හා දේව මෙහෙය ද පැවැත්වීමට නියමිත බව පැවසේ.

වට්ස්ඇප්, ටෙලිග්‍රෑම් භාවිතා කරන්නේ බලාගෙනයි !

ලොවපුරා අතිජනප්‍රිය අන්තර්ජාල පණිවිඩ හුවමාරු ඇප් මෘදුකාංග ද්විත්වයක් වන වට්ස්ඇප් සහ ටෙලිග්‍රෑම් භාවිතා කරන්නන් හට සයිබර් ආරක්ෂණ සමාගමක් විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

මෙම ඇප් මෘදුකාංග ඔස්සේ මාධ්‍ය ලිපිගොනු (media files) හුවමාරු කරගැනීමේදී පූර්වාරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමුකරනා මෙන් ගෝලීය සයිබර් ආරක්ෂණ සමාගමක් වන සිමෙන්ටෙක් සඳහන් කර සිටියි.

බෝට්ටුවලින් පැන ආවොත් කරන දේ ඕස්ට්‍රේලියාව දන්වයි !

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සහ ගරු උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේදී සිදුවිය.

ලියුමක් ලියා තබා බියර් එක්ක වහ බීලා දුම්රියට පැනලා !

පුඬළුඔය ඩන්සිනන් වතුයායේ සිට කිලෝ මීටර් 60 ක් පමණ ගම්පොළ කොස්ගොල්ල ප‍්‍රදේශයට පැමිණි අයකු බියර් සමග වස බෝතලයක් බී දුම්රියට පැන සිය දිවිහානි කර ගෙන ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ඩන්සිනන් වතුයායේ පදිංචි සිව ප‍්‍රකාශම් සීදරන් නමැති 37 හැවිරිදි දෙදරු පියෙකි.

ත්‍රීවීල් රථ රියදුරෙකුට හැටන් අධිකරණයෙන් 77500ක ලොකු දඩයක්, වැරැද්ද මෙන්න

රියදුරු බල පත්‍රය, අදායම් බලපත්‍රය හා රක්ෂණ බලපත්‍රය  නොමැතිව, බීමතින් ත්‍රීවීල් රථයක් ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයෙකුට හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි මහතා විසින් රුපියල් 77500/- ක දඩ මුදලක් ගෙවන ලෙස ( 15) දා  නියෝග කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka