gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රූමස්සල වෙරළේ සෙල්ෆි ගනිද්දී මුහුදට වැටී අතුරුදන් දෙදෙනාගේ මළ සිරුරු හමුවෙයි

උණවටුන රූමස්සල වෙරළ තීරයේ ගල් පර්වතයක් මත නැඟී සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී මුහුදට වැටී අතුරුදන්ව සිටි තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු ඊයේ (18දා) හමුවී ඇත.

මෙසේ හමුවී ඇත්තේ ගල් පර්වතයේ සිට මීටර් 100ක් පමණ දුරින් මුහුදු තීරයේ මෙකී තරුණයන්ගේ මළ සිරුරු පාවෙමින් තිබියදීය.


ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචි කාරියවසම් පතිරණගේ නිලංගන මලිත් සහ කවිඳු ප්‍රසාද් දෙදෙනාගේ මළ සිරුරු මෙසේ හමුවී ඇත. මැටරඹ හදිසි මරණ පරීක්ෂක නිරෝෂා නිල්මිණි මහත්මියගේ නියෝගයකට අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මළ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යනු ලැබීය.

ගිනිමැල්ලගහ ප්‍රදේශයේ තරුණයන් සිවු දෙනකු ඉකුත් ඇසළ පෝය දින රූමස්සලට පැමිණ ඇති අතර ඉන් තරුණයන් තිදෙනකු ගල් පර්වතයට නැඟී සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී රළ පහරකට හසුවී මුහුදට වැටී ඇත. මින් එක් තරුණයකු මුහුදේ තිබූ ගල් පර්වතයක එල්ලී දිවි බේරා ගෙන තිබිණි.

ඉමදුව - ටී. විතානවසම්/ මාපලගම - රසික සෙනවිරත්න /ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka