gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ග්ලෝරි නැව රූමස්සල කන්දේ හැපෙයි

ගාල්ල වරායේ නැංගුරම් ලා තිබූ ශ්‍රී ලංකා ග්ලෝරි නැමැති භාණ්ඩ නෞකාව ඊයේ (18) සවස දැඩි සුළඟට හසුව නැංගුරම කැඩී රූමස්සල දෙසට පාවී ගොස් අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

ගාල්ල වරාය සේවකයකු කියා සිටියේ නැංගුරම් කැඩී රූමස්සල කන්ද දෙසට පාවී ගිය නැව සාම චෛත්‍යට පහල ගල්පර අතර සිරවී තිබූ බවත්, නැවට ජලය කාන්දු වෙමින් පැවති බවත් ය.
නැව අනතුරට ලක්වන අවස්ථාවේ එහි කාර්යමණ්ඩලයේ නවදෙනකු සිටි අතර ඔවුන් බේරා ගැනීමට නාවුක හමුදාව සමත්වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය.

වරායේ නිලධාරීන් පවසන්නේ දැඩි සුළං හේතුවෙන් මුහුද රළු වී තිබුණු බැවින් ගලවා ගැනීමේ මෙහෙයුම ද අසීරු වූ බවයි.

ශ්‍රී ලංකාවට අයත්ව තිබූ මෙම නෞකාව මෙරටින් නිදහස්කර ඇති බවත්, එය දැනට ඉන්දියානු සමාගමක් සතුව ඇති බවත් මේ අතර වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka