gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ත්‍රීවීල් රථ රියදුරෙකුට හැටන් අධිකරණයෙන් 77500ක ලොකු දඩයක්, වැරැද්ද මෙන්න

රියදුරු බල පත්‍රය, අදායම් බලපත්‍රය හා රක්ෂණ බලපත්‍රය  නොමැතිව, බීමතින් ත්‍රීවීල් රථයක් ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයෙකුට හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි මහතා විසින් රුපියල් 77500/- ක දඩ මුදලක් ගෙවන ලෙස ( 15) දා  නියෝග කළේය.
ගිනිගත්හේන පොලීසියේ රථ වාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව මෙසේ වරදකරු වූයේ, කිතුල්ගල, මල්වත්ත පාරේ පදිංචි සපරමාදු ආරච්චිලාගේ විකුම් විජය කුමාර නැමති අයෙකි.

ගිනිගත්හේන පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග සිල්වා මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල්වරුන් ඒකනායක (47051) හා චන්දන (3022) යන නිලධාරීන් විසින් චූදිත කලුගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

හැටන් චන්න අද්දරගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka