gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉඩමක් පිළිසකර කරද්දි කොටි බිම්බෝම්බ තොගයක් මතුවෙයි !

වවුනියාව විලක්කුවයිත්ත කුලම් ප්‍රදේශයේදී නැවත් පදිංචි වැසියෙකු විසින් සිය ඉඩම පස් කපන යන්ත්‍රයක් යොදා පිලිසකර කරමින් සිටින අතරතුරදී වලදමා තිබූ බිම්බෝම්බ තොගයක් ඊයේ (16) සවස හමු වී ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.

අදාල වැසියා යුද්දෙන් පසුව නැවත පදිංචි වී ඉඩම එලිපෙහෙලි කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ඉඩම පස් කපන යන්ත්‍රයක් දමා පිලිසකර කරමින් සිටින අතරතුරදී බිම් බෝම්බ කිහිපයක් මතු වී ඇත.

අනතුරුව ඒ බව ඕමන්ත පොලීසියට දැනුම් දීමෙන් පසුව සිදු කරන ලද සොදිසියකදී බිම්බෝම්බ 07 ක් සොයාගෙන ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දමා ඇති බවට ඕමන්ත පොලීසිය සැක පල කර සිටියි.

සොයාගත් බිම්බෝම්බ අධිකරණ නියෝගයකටඅනුව පොලිස් විශේෂකාර්ය බලකාය හරහා නිශ්ක්‍රීය කිරීමටද පියවර ගෙන ඇති බවට ඕමන්ත පොලීසිය වැඩි දුරටත් පැවසීය.

ඕමන්ත ශේෂලා අමරසිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka