gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හයිලෙවල් පාරේ සුපිරි බස් එකක් ගිනිගනී !

හයිලෙවල් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී වායුසමීකරණය කරන ලද පෞද්ගලික බස් රථයක් ඊයේ (16) පොහොය දින සවස මීගොඩ පොලිස් ස්ථානය ආසන්නයේදී හදිසියේ ඇති වූ ගින්නක් නිසාවෙන් සම්පූර්ණයෙන් දැවී විනාශ වූ බව මීගොඩ පොලිසිය පවසයි.
මාර්ග අංක 120 හොරණ  - කොළඹ මගී ප‍්‍රවාහන බස් රථයක් වන මෙම බස් රථය අළුත්වැඩියා කටයුත්තක් සදහා රැගෙන යන අතරතුර බස් රථයේ පිටුපස ප‍්‍රදේශයෙන් එක්වරම ඇති වූ ගින්නක් නිසාවෙන් සුළු කාළයක් බස් රථය සම්පූර්නයෙන් ගිනි ගෙන විනාශ වූ බව ප‍්‍රදේශවාසීහු පැවසීය.

බස් රථය ගිනි ගන්නා ආකාරය අසල මීගොඩ පොලිස් ස්ථානයේ සිටි පොලිස් නිලදාරීන් දැක එම ස්තානයට දිවවිත් ප‍්‍රදේශවාසීන් හා එක්ව ගින්න නිවීමට කටයුතු කල ඒ වන විටත් බස් රථය සම්පූර්නයෙන් විනාශ වී තිබූ බවද පොලිසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්මීය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

පනාගොඩ -   චම්පා ජීවන්ති
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka