gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආරක්ෂක අංශවල සේවය නොකළ යුතු බවට තර්ජනය කර සිවිල් ආරක්ෂක බලකායේ දමිල තරුණියකට පහරදීලා

ආරක්ෂක අංශවල දෙමළ තරුණියන් සේවය නොකළ යුතු බවට තර්ජනය කරමින් වවුනියාවේ සිවිල් ආරක්ෂක බලකායේ තරුණියකට කිසියම් පිරිසක් විසින් පහර දීම නිසා ඇයව වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

මේ ප්‍රහාරය වැලැක්වීමට ගිය එම සෙබලියගේ සහෝදරයාටද පැමිණි පිරිස පහර දීම නිසා ඔහුද රෝහල්ගත කොට තිබෙනවා.

වවුනියාව ඕමන්ත වේලාර්සින්නකුලම ගම්මානයේ පදිංචි මෙම දෙමළ තරුණිය සිවිල් ආරක්ෂක බලකායේ සෙබලියක් වශයෙන් සේවය කරණ අතර ඇය සේවය නිමවී නිවසට පැමිණ සිටියදී රාත්‍රියේ නිවසට පැමිණි තරුණයින් පිරිසක් ඇයට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පහර දෙන අතරතුර එම තරුණයින් තමාට පවසන ලද්දේ දෙමළ තරුණියන් ආරක්ෂක අංශ වල සේවය නොකළ යුතු බවත් තමාට ඉන් අස්වන ලෙසත්  බල කරමින් පහර දුන් බවයි.

තමන්ගේ බාල සහෝදරයා මේ ප්‍රහාරය වැළැක්වීමට පැමිණි අවස්ථාවේදී තරුණයින් පිරිස ඔහුටද තුවාල වන තුරුම පහර දී පලා ගිය බව රෝහලේ ප්‍රතිකාර ලබන තරුණිය පොලීසියට පවසා තිබෙනවා.

ඕමන්ත හා වවුනියාව පොලීසි මේ ප්‍රහරයට සම්බන්ධ තරුණයින්ව අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

දිනසේන රතුගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka