gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇසළ පෝය දා හම්බන්තොට අලියෙකු වෙඩිතබා ඝාතනය කරලා

හම්බන්තොට හැඩිල්ල ,දහයේ ගොඩ ප්‍රදේශයේදී ඊයේ (16)  ඇසළ පොහෝදින අලුයම රෝගාතුරව සිටි වයස අවුරුදු 50 ක පමණ ඇතින්නකට කිසියම් අයෙකු වෙඩි තබා ඝතනය කර තිබෙනවා.

අදාළ ඇතින්න හම්බන්තොට බදගිරිය ප්‍රද්ශයේ වැවක් ආසන්නයේ රෝගාතුරව වැටි සිටියදී පසුගිය 15 වනදා හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් උඩවලව ඇත් අතුරු සෙවනේ වෛද්‍ය වරුන් කණ්ඩායමක් විසින් ප්‍රතිකාරද ලබා දී තිබෙනවා.


කෙසේ නමුත් මේ අතර ඊයේ (16) පෙරවරුවේ ඇතින්නක වෙඩිතබා වැටි සිටින බවට හම්බන්තොට වනජීවි කර්යාලයට ලැබුණු තොරතුරකට අනුව සොයා බලන විට පසුගිය 15 වනදා හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේදී ප්‍රතිකාර ලබාදුන් ඇතින්න බවට තහවුරු වී තිබෙනවා.

කෙසේනමුත් ඇතින්නගේ මරණ සම්න්බන්ධයෙන් උඩවලව අතතුරු සෙවනේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා විසින් පස්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකරන ලද අතර එහිදී අලියාගේ හිස ප්‍රදේශයේ තිබී වැඩි තැබීමට බාවිතා කළ උණ්ඩයක් ද හමුවී තිබෙනවා.

වන අලියාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රද්ශයේ එක සැකකටයුතු අයෙකු සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් අවධානය යොමිවී ඇති අතර නමුත් එම පුද්ගලයා මේ වනවිට නිවසින් පලාගොස් ඇති බවයි වනජීවී නිලධාරීන් පවසා සිටින්නේ.

වෙඩි තැබීමෙන් මියගිය ඇතින්න වෙනුවෙන් පන්සුකුලය ද පැවැත්වීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකර තිබෙනවා.



හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka