gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනවබෝධයෙන් සිදුකරන වීඩියෝපට සමාජ මාධ්‍ය වෙත එක්කිරීම නිසා මුළු රටම කැලබිලා !

මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කර ඇති නිවේදනයකි.
විවිධ වූ පුද්ගලයන් විසින් අවබෝධයකින් තොරව සිදුකරන ලද වීඩියෝපට සමාජ මාධ්‍ය වෙත මුදාහැරිම නිසා මුළු රටම කැලබිමට පත්ව ඇති අතර යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කුමන හෝ ආකාරයෙන් වෙනත් පුද්ගල කණ්ඩායමක් ඉලක්ක වන අයුරින් මෙලෙස යම් වීඩියෝපට නිර්මාණයක් සිදුකොට සමාජ මාධ්‍ය වෙත මුදාහරිනු ලබන්නේ නම් ඒ ඒ වීඩියෝපට මුදාහරින පුද්ගලයන් එම වීඩියෝපටවලින් සමාජයට සිදුවන හානිය පිලිබදව වගකීම ගතයුතුය.

ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය අඩවියක් වන යූ ටියුබ් සමාජ මාධ්‍ය අඩවියේ යම් පුද්ගලයෙක් විසින් පවත්වාගෙන යනු ලබන යූ ටියුබ් නාලිකාවක් හරහා රංජන් රාමනායක නම් ඇමතිවරයාව සහභාගී කරගනිමින් සමස්ත මහා සංඝරත්නයට “චීවරධාරීන්” යැයි පැවසීම අප ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස දැඩිලෙස හෙලාදකින අතර මෙලෙස අනවබෝධයෙන් සමාජ මාධ්‍යවෙත වීඩියෝපට එක්කිරීම මගින් සමාජ මාධ්‍ය අවභාවිතයක් සිදුවන අතර මේ පිලිබදව අදාළ පාර්ශව තම අවධානය යොමුකරතැයි අප සමූහය බලාපොරොත්තු වෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka