gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද ලිපි බෙදාහැරීම් ඇනහිටින බව දන්වයි

තැපැල් සේවකයින් ඊයේ (16) පස්වරුවේ සිට ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මකයි. ඔවුන් මෙලෙස දින දෙකක වර්ජනයක නිරත වන්නේ ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින්. සිය සේවකයින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් දිවයින පුරා අද (17) දිනයේ ලිපි බෙදා හැරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටින බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර නෙත් නිවුස් වෙත කියාසිටියේ.


වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ එක් ඉල්ලීමක් වන්නේ දිවයින පුරා දැනට සිදුවෙමින් පවතින තැපැල් සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීම නතර කිරීමයි. තැපැල් දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්‍ෂම සේවාවක් සපයන ස්ථානයක් බවට පත් කර ගැනීමට හැකි වන පරිදි සංවර්ධන යෝජනාවලියක් සැකසීම ඔවුන්ගේ තවත් එක් ඉල්ලීමක්. මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු නොකළ හොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියාසිටියේ.

තැපැල් සේවකයින්ගේ මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් ලබන සිකුරාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන බවයි තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් පැවසුවේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka