gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ධීවර යාත්‍රා 30ක් මාලදිවයින දෙසට ගසාගෙන ගිහින් !

අධික සුළං සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා 30 කට අධික සංඛ්‍යාවක් මාලදිවයින දෙසට ගසා ගෙන ගොස් ඇති බව ධිවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


එහි සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සදහන් කළේ අදාළ යාත්‍රාවලට මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු විමට අවසර ඉල්ලා ඇති බවයි.

ඒ පිලිබදව විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මාලදිවයින් බලධාරීන් දැනුවත් කර ඇති බවද මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් දියඹේ අනතුරට ලක්වූ යාත්‍රා ඇත්දැයි නාවික හමුදාව සමග එක්ව පරීක්ෂා කරන බවද ඔහු පැවසීය.

නැවත දැනුම් දෙන තුරු මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමෙන් වලකින ලෙස අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka