gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දොස්තර ෂාෆි කූඩු කළ නඩුකාරයාට විරුද්ධව පැමිණිලි

වඳ සැත්කම් කළ බවට ජනමාධ්‍ය සහ බෞද්ධ භික්ෂුන් විසින් නගන ලද චෝදනා වලින් නිදොස් කරනු ලැබ තවමත් සිරගත කොට සිටින වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි සම්බන්ධ නඩුව විභාග කළ විනිසුරුවරයාට එරෙහිව පැමිණිලි ගොනුවී තිබේ.


කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම්ට විරුද්ධව අධිකරණ සේවා කොමිසම හමුවේ පැමිණිලි ගොනු කර ඇත්තේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහමඩ් ෂාෆිට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමේදී මහේස්ත්‍රාත්වරයා අතින් “වරදක් සිදුවී ඇත්ද යන්න ගැනත්, එය යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක කොටසක් ලෙස සිදු කළ අපරාධ වරදක්දැයි සොයා බලන ලෙසත්,” පැමිණිල්ල ඉල්ලා සිටියි.

වෛද්‍ය ෂාෆි ට එරෙහිව පොලිස් පරීක්ෂණ පවත්වන ලෙස උපදෙස් දී ඇතැයි කියන කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේත්, මහේස්ත්‍රාත් හේවාවසම්ගේත් බිරින්දෑවරුන් ද කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියන් බව තරුණ ජනමාධ්‍යවේදීහු පෙන්වා දෙති.

හත්සිය පනහකට අධික සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ඇතුලත් පිටු 210 ක වාර්තාවක් අධිකරණය හමුවේ ගෙනහැර දක්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෛද්‍යවරයා ප්‍රමාණවත් සාක්කියක් නොතිබිය දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවට කරුනු දක්වා තිබියදීත්, කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් වෛද්‍ය ෂාෆි රිමාන්ඩ් භාරයට පත් කිරීම අධිකරණ සේවා කොමිසන් සභාවේ අවධානයට යොමුකර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka