gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරීන් ක්‍රිකට් තේරීම් කමිටුවටත් ඉල්ලා අස්වෙන්න කියයි

ක්‍රිකට් තේරීම් කමිටුවටත් ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දන්වා ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

බංග්ලාදේශ සංචාරයට ක්‍රිකට් පිල නම් කිරීමෙන් පසුව මොවුන්ට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බව පැවසේ.
වත්මන් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස අසන්ත ද මෙල් කටයුතු කරන අතර, සෙසු සාමාජිකයන් ලෙස බ්‍රෙන්ඩන් කුරුප්පු, චමින්ද මෙන්ඩිස් හා හේමන්ත වික්‍රමරත්න කටයුතු කරනු ලබයි.

මේ අතර, අලුත් තේරීම් කමිටුවට හිටපු තේරීම් කමිටු සාමාජිකයන් ඇතුළු විය හැකි බවට ද ක්‍රීඩා අමාත්‍ය ආරංචි මාර්ගවලින් වාර්තා වන අතර, කෙසේවුවද ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමේ දී කණ්ඩායමට නම් කරන ලද ක්‍රීඩකයෙකුගෙන් තරගාවලි දීමනාවෙන් 10%ක අල්ලස් ලබා ගෙන ඇතැයි ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති කමිටු සාමාජිකයාට නම් නැවත අවස්ථාවක් නොලැබෙනු ඇතැයි එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka