gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බෝට්ටුවලින් පැන ආවොත් කරන දේ ඕස්ට්‍රේලියාව දන්වයි !

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සහ ගරු උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේදී සිදුවිය.


මෙම හමුවේදී උතුරු පළාතේ වර්තමාන තත්ත්වය සහ ඕස්ට්‍රේලියානු රජය විසින් සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරන ලද අතර, උතුරු පළාතේ  ජල ගැටලුව විසඳීම සඳහා වඩමරාච්චි ජල සම්පාදන යෝජනා ක්‍රමය සහ වඩමරාච්චි ක්ෂේත්‍ර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලාංකික සරණාගතයින් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට නීතිවිරෝධී ලෙස උත්සාහ කිරීම පිළිබඳව අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා කියා සිටියේ නීතිවිරෝධී සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය දැඩි පියවර ගනිමින් සිටින බවයි.

ඕස්ට්‍රේලියානු රජයේ මහ කොමසාරිස් කාර්යාලය හරහා උතුරු පළාතේ සංචාරක කර්මාන්තයේ දියුණුවට සහාය වීමට තමන් සූදානම් බවත්, පුහුණුව ඇතුළු සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘති දැනටමත් ආරම්භ කරමින් සිටින බවත් ඕස්ට්‍රේලියානු තානාපතිවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟ කටයුතු කිරීමට ආණ්ඩුකාරවරයා සූදානමින් සිටියි.

– උතුරු පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka