gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වට්ස්ඇප්, ටෙලිග්‍රෑම් භාවිතා කරන්නේ බලාගෙනයි !

ලොවපුරා අතිජනප්‍රිය අන්තර්ජාල පණිවිඩ හුවමාරු ඇප් මෘදුකාංග ද්විත්වයක් වන වට්ස්ඇප් සහ ටෙලිග්‍රෑම් භාවිතා කරන්නන් හට සයිබර් ආරක්ෂණ සමාගමක් විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

මෙම ඇප් මෘදුකාංග ඔස්සේ මාධ්‍ය ලිපිගොනු (media files) හුවමාරු කරගැනීමේදී පූර්වාරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමුකරනා මෙන් ගෝලීය සයිබර් ආරක්ෂණ සමාගමක් වන සිමෙන්ටෙක් සඳහන් කර සිටියි.


‘මීඩියා ෆයිල් ජැකින්’ නම් ආරක්ෂක දෝෂයක් මෙම ඇප් මෘදුකාංග වල ඇති බවත්, එමගින් මෙම ඇප් මෘදුකාංග භාවිතාකරන්නන් ගේ අනුදැනුමකින් තොරව මාධ්‍ය ලිපිගොනු අතරට එක්ව ඒවා තම හිතුමතට හැසිරවීමට හැකියාව ඇති බව සිමෙන්ටෙක් සමාගම අනතුරු අඟවයි.

පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ, ආයතනික ලේඛන, ඉන්වොයිසි, සහ හඬ සටහන් (voice memos) වැනි සංවේදී තොරතුරු අනිසි ලෙස භාවිතා කිරීමට මෙමගින් ප්‍රහාරකයාට මෙය ඉඩ දෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka