gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිරිමින්ට වැල‌ෙඳන මුඛ පිළිකාවලින් ලෝකයේ අංක 01 ශ්‍රී ලංකාවයි

පිරිමින්ට වැල‌ෙඳන මුඛ පිළිකාවලින් ලෝකයේ අංක 01ට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා හා සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්ෂික සෞඛ්‍ය දර්ශකය මගින් පෙන්වා දී ඇතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පැවසීය.
සභාපතිවරයා පෙන්වා දුන්නේ දුම්කොළ සමග බුලත්විට කෑම ඊට ප්‍රධානතම හේතුව වී ඇති බවයි.

එසේම සාමාන්‍ය ආයු අපේක්‍ෂාව සම්පූර්ණ වීමට ප්‍රථම එනම් වයස 75ට අඩු පිරිමි පුද්ගලයන් 22,000ක් පමණ දුම් පානය හේතුවෙන් වාර්ෂිකව මියයන බව පැවසූ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා, 2017 දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාව තුළ   දුම් පානය කිරීමේ පිරිමි ප්‍රතිශතය 25෴කට වැඩි අගයක් ගන්නා බවද පැවසීය.

මේ අතර, දුම්කොළ භාවිතයෙන් වැලඳෙන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාව විසින් වාර්ෂිකව රුපියල් බිලියන 200ක් පමණ වැය කරන බවට බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතාද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව තුළ දුම්වැටි විකිණීමෙන් තොර නගර 150ක් මේ වනවිට බිහිකර ඇති බවට පැවසූ ඒ මහතා, අනෙකුත් නගරද ඊට සමගාමීව දුම්වැටි විකිණීමෙන් තොර නගර බවට පත්කිරීම සඳහා පසුබිම් සකස් කරමින් පවතින බවද පැවසීය.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පෙන්වා දෙන්නේ දුම්වැටි දුමෙහි විෂ වර්ග 4,000ක් සහ පිළිකා කාරක 43ක් අඩංගු වන බවයි.

ඒ අනුව පෙණහලු, මුඛ, ස්වරාලය, උගුර, ගලනාලය, මුත්‍රාශය, වකුගඩු, අග්න්‍යාශය, අක්මාව හා ගැබ්ගෙල ආශ්‍රිත වැල‌ෙඳන පිළිකා මෙන්ම ලිංගික බෙලහීනතාවද, එසේම එම්ෆිසීමා, ඇදුම, බ්‍රොන්කයිටීස්, පෙණහලු ආසාදනය මෙන්ම හුස්ම ගැනීම අපහසු කරවන දීර්ඝ කාලීනව පවතින පෙණහලු රෝගී තත්ත්වයන්ද ඇතිවිය හැකිය.

මීට අමතරව අක්‍රීය දුම්පානය හෙවත් කිසිවිටෙකත් දුම් පානය නොකළද, දුම්පානය කරන අයෙකු විසින් පිට කරනු ලබන දුම්කොළ දුමට නිරාවරණය වීම හේතුවෙන් ගර්භිණී කාන්තාවන් ගබ්සා වීම හෝ අඩු උපත් බර දරුවන් බිහිවීම, හෘද රෝග ඇතිවීම, ශරීරයේ බොහෝ ඉන්ද්‍රියවල පිළිකා ඇතිවීම, පෙණහලු රෝග ඇතිවීම මෙන්ම මෙනින්ජයටීස් වැනි තත්ත්වයන් ඇතිවීම ඇතුළු තවත් රෝග ගණනාවකට ගොදුරු වීමේ අවදානමක් පවතී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka