ගම්පහ ප්‍රාදේශීය සභාවේ පොහොට්‌ටුවේ මන්ත්‍රීවරු දෙදෙනකු ගණේමුල්ලේ මාළු කඩ දෙකකට ආරවුල් ඇතිකර ගැනීමේ සිද්ධියක් ගණේමුල්ල පොලිසියට වාර්තා වේ. ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් අල්විස් මහතා මන්ත්‍රී ධුරයට පැමිණීමට වසර 5 කට පෙර සිටම ගණේමුල්ල නගරයේ ආරම්භ කර තිබූ ධීවර මාළු වෙළෙඳසල යාබද ගොඩනැඟිල්ලේ පොහොට්‌ටුවේම තවත් මන්ත්‍රීවරයකු පසුගියදා "අලුත් මාළු කඩය" නමින් තවත් මාළු කඩයක් ආරම්භ කිරීමෙන් මෙම ආරවුල ඇති වී තිබේ.
හක්මන සණස බැංකුවෙන් ලක්ෂ1.7 කොල්ලකා සීසීටීවී ගැජට් එකත් ගලවං ගිහින්
ඊයේ (9) දින අවි පෙන්වා බිය ගන්වා සණස බැංකුව කොල්ලකෑමක් හක්මනින් වාර්තා විය. ඊයේ සවස 2.40 ට පමණ හක්මන පොලිස් වසමේ බෙලිඅත්ත පාර ගම්මැදපිටිය ප්‍රදේශයේ පිහිටි සණස බැංකුවට
යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණ සහිත හෙල්මට් පැලද අවි අතැතිව පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි සේවකයින් අවි පෙන්වා බියගන්වා සේප්පුවල තිබූ මුදල් 171050/- (එක්ලක්ෂ හැත්තෑඑක්දහස් පනහක්) කොල්ලා පලාගොස් ඇත.

නිවාස අධිකාරියේ නිලධාරීන් 32ක් පැන්ෂන් ගියත් රස්සාවේ !
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වයස අවුරුදු 60 ඉක්ම වූ නිලධාරින් 32 කට ලබා දී ඇති නනතුරු සදහා අනුමැතිය ලබාදීම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ කලක් සේවය කර ඇති එම නිලධාරින් විශ්‍රාම යැමෙන් පසුව තවදුරටත් වැටුප් හා දීමනා ගෙවමින් ඉහළ තනතුරුවල රඳවා ගෙන ඇති අතර ඔවුන්ට එලෙස පන්ති හා වැටුප් ගෙවීම සඳහා අනුමැතිය ඉල්ලා නිවාස, ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජීත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කර තිබේ.
"හතුරුසිංහ යවන්න වන්දි ගෙවන්න වෙයිද?" - ක්‍රිකට් සභාපති පිළිතුරු දෙයි
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු තනතුරෙන් චන්දික හතුරුසිංහ ඉවත් කිරීමට සිදු වුණේ ඉකුත් කාලසීමාව තුළ ඔහුගේ කාර්යසාධනය අපේක්ෂිත මට්ටමක නොපැවතීම හේතුවෙන් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.
එහි සභාපති ශම්මි සිල්වා මේ බව කියා සිටියේ ඊයේ (07) පස්වරුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
එහි සභාපති ශම්මි සිල්වා මේ බව කියා සිටියේ ඊයේ (07) පස්වරුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීයි.