gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය නිසා මැයි මාසයේ ගුවන් ගමන් 1000ක් අවලංගු වෙලා !

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර දහසක්  අවලංගු කර ඇති බව අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (08දා) ප්‍රකාශ කළේය.
එක් ගුවන් ගමන් වාරයක් අවලංගු කිරීමෙන් ඇමෙරිකන් ඩොලර් 11,000ක ඍජු පාඩුවක් හා වක්‍රව ඇමෙරිකානු ඩොලර් 49,500ක පාඩුවක් සිදුවන බව හෙතෙම පෙන්වා දුන්නේය.

 මේ හේතුවෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් කැබිනට් අනුමැතිය ඇතිව සකස්  කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතා මතු කරන ලද ප්‍රශ්නය තම විෂය පථයට අයත් නොවන බවත් අදාළ ප්‍රශ්නය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කිරීමට කටයුතු කළ බවත්  ඇමැතිවරයා පැවැසීය.

රුචිර දිලාන් මධුශංඛ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka