gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉංග්‍රීසි යුගයේ ඝණ්ඨාරය සොරකම්කර ලක්ෂ 50 කට විකුණන්න හදද්දී හසුවේ !

යටත් විජිත සමයේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් පුස්සැල්ලාව හෙල්බොඩවත්තේ ස්ථාපනය කර තිබු කිලෝ 250 ක් බරැති කෞතුක වටිනාකමකින් යුත් විශාල ඝන්ටාරයක් සොරාගත් සිවු දෙනෙක් එය රුපියල් ලක්ෂ 50 කට විකිණීමට සූදානම් වීමේ දී පුස්සැල්ලාව පොලිසිය මගින් පසුගිය  (7) අත්අඩංගුවට ගනු ලැබුහ.
කැටයම් සහිතව 1893 වසරේ දි නිර්මාණය කර ඇති  මෙම ඝණ්ටාරය හෙල්බොඩවත්තේ වතු බංගලාවක තිබි සොරාගෙන ගොස් තිබුණි.

මෙම වතු බංගලාව හෝටලයක් ලෙස නවීකරණය කරමින් තිබියදි, එහි සේවය කළ සිවු දෙනෙකු මහ රෑ මෙය සොරාගෙන ගොස් තිබී ඇත්තේ එහි සිටි මුරකරුවන් දෙදෙනාටද නොදැනෙන ලෙසය.

 මේ නිසා මාස 10 ක් යනතුරු මෙය සොයා ගැනීම පමා වී ඇති අතර පුස්සැල්ලාව පොලිසිය මේ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබී ඇත.

මෙම ඝණ්ටාරය ලක්ෂ 50 කට අලෙවි කිරීමට සූදානම් වන බව දැනගත් පොලිසිය ව්‍යාපාරිකයන් ලෙය එහි මිල ගණන් කතා කොට ලක්ෂ 30 කට ගැනීමට සූදානම් බව පැවසුවද මොවුන් ඒ සඳහා ගෙන්වා ගැනීමට නොහැකි වී ඇත.ඉන් පසු පොලිස් කාන්තා හා පොලිස් පරීක්ෂික විතානගේ මහතා එකව මූල්‍ය සමාගමක විධායක නිලධාරීන් ලෙස මෙහි ප්‍රධාන සැකකරුට පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 50 ක කල්බදු ප්‍රතිලාභයක් දිනා ඇති බැවින් එය ලබාගැනීමට නුවරඑළිය නගරයට පැමිණෙන ලෙසයි.

ඒ අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමන් පසු ඔහු පදිංචි වලපනේ මහඌව ජනපදයට ගොස් සැකකරුගේ නිවස අසල වළදමා තිබූ යටාරය යොයාගෙන ඇත.වට අඩි 6 ක් හා උස අඩි 2 ක් වන මෙම ඝණ්ථාරය වටිනා ලෝහයකින් සාදා ඇති බවට සැකකෙරේ.මෙම සැකකරුවන් සිවු දෙනා සමග ඝණ්ටාරය රැගෙන ගිය වෑන් රථයද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.ගම්පොළ පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරී Iචූලනී වීරරත්න, පොලිස් අධිකාරී IIචන්ද්‍රෙස්න බණ්ඩාර යන නිලධාරීන්ගේ උපදෙස් මත පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සරත් බණ්ඩාර පලිපාන, පො.ප විතානගේ.පො.කො 36282 සඳරුවන්, 75174 වංශපුර, 89135 දිනේෂ් යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

- ගම්පොළ සුරංග රාජනායක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka