gossip lanka

හක්මන සණස බැංකුවෙන් ලක්ෂ1.7 කොල්ලකා සීසීටීවී ගැජට් එකත් ගලවං ගිහින්

ඊයේ (9) දින අවි පෙන්වා බිය ගන්වා සණස බැංකුව කොල්ලකෑමක්  හක්මනින් වාර්තා විය. ඊයේ සවස 2.40 ට පමණ හක්මන පොලිස් වසමේ බෙලිඅත්ත පාර ගම්මැදපිටිය ප්‍රදේශයේ පිහිටි සණස බැංකුවට
යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණ සහිත හෙල්මට් පැලද අවි අතැතිව පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි සේවකයින් අවි පෙන්වා බියගන්වා සේප්පුවල තිබූ මුදල් 171050/- (එක්ලක්ෂ හැත්තෑඑක්දහස් පනහක්) කොල්ලා පලාගොස් ඇත.

කොල්ලකරුවන් විසින් බැංකුවේ සවිකර තිබූ සි.සී.ටී.වී කැමරා පද්ධතියට ඇතුලත් ඩි.වි.ආර් කොටසද ගලවාගෙන ගොස් ඇත. හක්මන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
gossip lanka