gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්වීමට ඇමෙරිකානු ගුරුවරුන් එයි

දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව සංවර්ධනයට ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදයේ සාම බලකායේ (US Peace Corps) ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට අවධානය යොමුව තිබේ.
මේ පිළිබඳව සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමරිකානු තානාපති අලෙයිනා බී ටෙප්ලිස්ට් මහත්මිය අතර ඊයේ (08දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.

ඇමරිකානු ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ  සේවය 1960 දශකයේ සිට 90 දශකය දක්වා ලබා දෙමින් ඩෙලික් (DELIC) ගුරු පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. නැවතත් 2020 වසරේ සිට ඇමරිකානු ස්වෙච්ඡා ගුරුවරුන්ගේ සේවය ලබාදීමට කැමැත්ත පළ කර ඇති බැවින්, ඒ සඳහා පළමු අදියරේ දී ගුරුවරුන් 30 දෙනෙකුගෙන් ආරම්භව ගුරුවරුන් 150 ක් දක්වා ගුරු කණ්ඩායමක සේවය දුෂ්කර පළාත්වල සිසුන් සඳහා ලබාදීමට නියමිතය.

මුලින් ම ඌව සහ මධ්‍යම පළාත් දෙක සඳහා මෙම ගුරුවරුන්ගේ සේවය ලබා දෙන අතර එක් ගුරුවරයෙකුගේ ස්වේච්ඡා සේවා කාළය වසර 2 කි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka