gossip lanka

අර්ජුන මහේන්ද්‍රන්ට වරෙන්තු කරයි !

මහබැංකු බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර මේ වන විට අධිකරණය මඟහැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (09) වරෙන්තු නිකුත් කර තිබේ.
සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්ප ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබීය.


gossip lanka