gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහේල ඉන්දීය පුහුණුකරු වෙන්න තියා ඊට ඉල්ලුම්පතක්වත් දාල නෑ !

හිටපු සුපිරි පිතිකරුවකු වන මහේල ජයවර්ධන ඉන්දීය පුහුණුකරුවීමට ඉල්ලුම් පතක් හෝ යොමුකර නොමැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
කෙසේවුවද, ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමට යොමු කර ඇති ඉල්ලූම් පත් අතරින් තෝරාගත් හය දෙනකුගෙන් තිදෙනකු සඳහා ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවත්, ඒ අතර මහේල ජයවර්ධන සිටින බව විදෙස් මාධ්‍යවල පවා පලවිය.

මේ අතර, මහේලට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරු වන ලෙස ඉල්ලා තමා කෙටි පණිවුඩයක් යැවූ බව පසුගිය දිනක ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් ද මහේලගේ පැහැදීමක් නොමැති බවත්, ඔහු පුහුණුකරුවක ලෙස ක්‍රිකට් ආයතනයට එක්වීමට මනාපයක් නොමැති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු වූ චන්දික හතුරුසිංහට අත්වූ ඉරණම තමාට ද අත්කර ගැනීමට කැමැත්තක් නැති බව මහේල සිය මිතුරන් සමඟ පවසා ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka