gossip lanka

ගොවිජන සංවර්ධන නිලධාරීන් 2ක් අල්ලස් දැලේ !

රුපියල් 10,000ක අල්ලස් ලබා ගත් ගොවිජන සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු උල්පතගමදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැණික් පතල් බලපත්‍රයක කාලය දීර්ඝ කර ගැනීම සඳහා මොවුන් මෙම අල්ලස ඉල්ලා ඇති බව වාර්තා වේ.
මිනිපේ හසලක උල්පත්ගම ගොවිජන සේවා කාර්යාලයේදී අල්ලස් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගැනුණේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහයක හා ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීවරයාය.
gossip lanka