gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සීයා කෝල් ගනිද්දී මුණුපුරා මුහුදු රකුසාට බිලි

සමන්තුරේ නින්දවූර් මුහුදු වෙරළේ දී රළ පහරකට හසුවී වයස අවුරුදු එකහමාරක පමණ දරුවකු මියගොස් තිබේ. තම සීයා සමග මුහුදු වෙරළට ගොස් සිටි අවස්ථාවේ මෙසේ රළ පහරට හසුවී තිබේ. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ නින්දවූර් පදිංචි අවුරුද්දයි මාස නවයක් වන ඉල්ලියාස් මොහමඞ් ආදිල් නමැති පිරිමි දරුවකුය.

තම සීයා සමග පෙරේදා උදේ (06 දා) 6.30 ට පමණ මෙම දරුවා මුහුදු වෙරළට ගොස් ඇති අතර එම අවස්ථාවේ සීයාගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුමකට කතාකරමින් සිටින විට දරුවා රළ පහරට හසුවී ඇත.

මෙය දුටු සියා ධීවර කටයුතුවල යෙදී සිටි පිරිස සමග දරුවා ගොඩට ගෙන රෝහලට ගෙන ගොස් ඇති අතර රෝහලට ගෙනයමින් සිටියදී අතරමගදී දරුවා මියගොස් ඇත.

සිද්ධිය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර සිරුර ඥාතීන් වෙත භාර දෙන ලදී. සමන්තුරේ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කල්මුනේ - ආර්. ශ‍්‍රී වේල්රාජා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka