gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිවාස අධිකාරියේ නිලධාරීන් 32ක් පැන්ෂන් ගියත් රස්සාවේ !

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වයස අවුරුදු 60 ඉක්ම වූ නිලධාරින් 32 කට ලබා දී ඇති නනතුරු සදහා අනුමැතිය ලබාදීම කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ.  ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ කලක් සේවය කර ඇති එම නිලධාරින් විශ්‍රාම යැමෙන් පසුව තවදුරටත් වැටුප් හා දීමනා ගෙවමින් ඉහළ තනතුරුවල රඳවා ගෙන ඇති අතර ඔවුන්ට එලෙස පන්ති හා වැටුප් ගෙවීම සඳහා අනුමැතිය ඉල්ලා නිවාස, ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජීත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර නිලධාරින් වසර දෙකක් තිස්සේ තනතුරු වල රඳවා ගනිමින් නීතිවිරෝධි  ලෙස වැටුප් ගෙවමින් සිටින බවට ජනාධිපති විශේෂ පිරික්ෂණ කොමිසන් සභාවට ලැබී ඇති පැමිණිල්ලක් මත පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ සහකාර සාමාන්‍යාධිකාරිවරයා ඉකුත් සඳුදා (5) සහ අගහරුවාදා (6) ජනාධිපනී පරික්ෂණ කොමිෂන් සභාව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.

රංජන් කස්තුරි-
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka