gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"හතුරුසිංහ යවන්න වන්දි ගෙවන්න වෙයිද?" - ක්‍රිකට් සභාපති පිළිතුරු දෙයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු තනතුරෙන් චන්දික හතුරුසිංහ ඉවත් කිරීමට සිදු වුණේ ඉකුත් කාලසීමාව තුළ ඔහුගේ කාර්යසාධනය අපේක්ෂිත මට්ටමක නොපැවතීම හේතුවෙන් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

එහි සභාපති ශම්මි සිල්වා මේ බව කියා සිටියේ ඊයේ (07) පස්වරුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

ගිවිසුම්ගත කාලයට පෙර චන්දික හතුරුසිංහ ප‍්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීම හේතුවෙන් ඔහුට වන්දි ගෙවීමට සිදුවනු ඇත්දැයි මාධ්‍යවේදීන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගෙන් මෙහිදී ප‍්‍රශ්න කළා.

එහිදී ඔහු සඳහන් කළේ "අපි මේක අපේ නීති උපදේශකයින්ගෙන් උපදෙස් අරගෙන කරන්නේ. අපිට ක්‍රිකට් දිගටම පැරදි පැරදි ගිහිල්ලා ලොකු ගාණක් පාඩු වෙනවද?...ඕකේ දෙකෙන් එකක් අපි තීරණය කරන්න වෙනවා. අපේ ප්‍රධාන අරමුණ ක්‍රිකට් ක්‍රීඩාව." යනුවෙනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka