gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාල්ල ටෙස්ට් තරගයට තණ තීරුව සැකසීම ගැටලුවක් !

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ලබන 14 වැනිදා ආරම්භවන ශ්‍රී ලංකා - නවසීලන්ත ප්‍රථම ටෙස්ට් තරගයට පෙර ඒ සඳහා ක්‍රීඩාංගණ තණ තීරුව හා අවට පිටිය සූදානම් කිරීම නියමිත පරිදි සිදුකර නොමැති බව වාර්තා වේ.

වෙනදා ටෙස්ට් තරගයකට පෙර මුළු තණ තීරුවම සකස්කිරීම සිදු කරතත් මෙවර එහි දෙපස තණ තීරු දෙක බැගින් ඉතිරිකර අවසන් මොහොත තෙක් එහි තරග පවත්වන අතරතුර මැද තණ තීරු හතරට පමණක් අලුතින් මැටි එක් කිරීම සිදු කර ඇති බවත්, අවට පිටියද හොඳින් තණ කොළ වැවීමට ඉඩ නොදී අපරික්ෂාකාරී ලෙස තරග හා පුහුණුවීම් සඳහා යොදාගෙන ඇතැයි දැනගන්නට තිබේ.

මීට පෙර ගාලු ක්‍රීඩාංගණයේ තණ තීරුව පිළිබඳව අයි.සී.සී. විසින් රතු නිවේදන නිකුත් කර තිබියදීත් ටෙස්ට් තරගයක් සඳහා මෙවැනි දුර්වල සූදානමක් තිබීම පුදුමයට කරුණක් වී ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka