gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්‌ටුවේ ප්‍රා.ස. මන්ත්‍රීවරු දෙදෙනක්‌ මාළු කඩේකට ඔට්‌ටු වෙති

ගම්පහ ප්‍රාදේශීය සභාවේ පොහොට්‌ටුවේ මන්ත්‍රීවරු දෙදෙනකු ගණේමුල්ලේ මාළු කඩ දෙකකට ආරවුල් ඇතිකර ගැනීමේ සිද්ධියක්‌ ගණේමුල්ල පොලිසියට වාර්තා වේ. ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් අල්විස්‌ මහතා මන්ත්‍රී ධුරයට පැමිණීමට වසර 5 කට පෙර සිටම ගණේමුල්ල නගරයේ ආරම්භ කර තිබූ ධීවර මාළු වෙළෙඳසල යාබද ගොඩනැඟිල්ලේ පොහොට්‌ටුවේම තවත් මන්ත්‍රීවරයකු පසුගියදා "අලුත් මාළු කඩය" නමින් තවත් මාළු කඩයක්‌ ආරම්භ කිරීමෙන් මෙම ආරවුල ඇති වී තිබේ.
 උපුල් අල්විස්‌ මහතා තමාට තර්ජනය කළ බව අනෙක්‌ මන්ත්‍රීවරයා පොලිසියට ප්‍රකාශ කර ඇත. තමා කිසිදු තර්ජනයක්‌ නොකළ බව ද තම මාළු කඩයෙන් ලැබෙන ආදායමින් ගණේමුල්ලේ පූජනීය ස්‌ථාන කිහිපයකට විදුලි බිල් ගෙවා, පාසල්, පන්සල්වලට හා දුප්පතුන්ට තමාගේ පදනම හරහා උදව් කරමින් සිටින තමාගේ දේශපාලන ගමනට බාධා කිරීමට ඉහළ දේශපාලනඥයකුගේ ආධාර ගෙන මෙම මන්ත්‍රීවරයා "අලුත් මාළු කඩය" බලපත්‍ර නැතිව ද්වේශසහගතව ආරම්භ කර ඇතැයි ද උපුල් අල්විස්‌ මන්ත්‍රීවරයා පොලිසියට ප්‍රකාශ කර තිබේ.

 තවද "අලුත් මාළු කඩයේ" මන්ත්‍රීවරයා වෙනුවෙන් තවත් මන්ත්‍රීවරයකු ද පොලිසියට පැමිණ ඇත.

ගම්පහ විශේෂ - සිසිර කුරුප්පු, ගම්පහ අධිකරණ - විල්සන් පලිහවඩන
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka