gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශී‍්‍ර ලංකාව ලෝක කුඩු කෙරුමන්ගේ ග‍්‍රහණයේ

පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් කොළඹ කොල්ලූපිටියේදී කිලෝ ග‍්‍රෑම් සියයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සම`ග ලෝක හෙරොයින් ජාවාරමේ භයානකම කේන්ද්‍රස්ථානය ලෙස හදුනාගෙන තිබෙන ‘රන් චන්ද්‍රවංකයේ’ කි‍්‍රයාත්මක ජාත්‍යන්තර මාෆියා කල්ලිවල ග‍්‍රහණයට ශ‍්‍රී ලංකාව ගොදුරු වී ඇති බව හෙළි වී තිබේ.

ඌවේ මහඇමති ගිය මඟට පතාක ගසක් වැටෙයි

හල්දුම්මුල්ල ඉලූක්පැලැස්ස කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ලක් සිසු අයිතියට පැවරීමේ උත්සවයක් සඳහා ඉකුත් (22) යමින් සිටි ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු පිරිසට බලංගොඩ සමනළ වැව රක්ෂිත මාර්ගයට වැටී තිබූ විශාල ගසක් කපා ඉවත් කරගෙන සිය ගමන යාමට සිදුවිය.

කිරිපිටි මිල ගැන තීන්දු වෙයි

කිරිපිටි මිල ඉහළ දැමීමට ආනයනික සමාගම් සිදුකර තිබූ ඉල්ලීම් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අනුව ආනයනික කිරිපිටි පවතින මිලටම අලෙවි කළ යුතු බවද එම අධිකාරිය සඳහන් කරයි.

කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස කිරිපිටි ආනයනය කරන සියලු සමාගම් පසුගිය දිනවල පාරිභෝගික කටයුතු අධිකාරියට යෝජනාවක් කර තිබිණි.

කිරලාගල චෛත්‍යයට නැග්ග අග්නිදිග සිසුහු රිමාන්ඞ්

හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී එහි ඇති පුරාවිද්‍යා වටිනාකමක් ඇති චෛත්‍යක් මතට නැග ඡායාරූප ගෙන එය සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හැරීමේ චෝදනාව සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් 8 දෙනෙකු පෙබරවාරි 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා ඊයේ (24 දා) පස්වරුවේ නියෝග කළේය.

සුමන්තිරන්ට අලුත් තනතුරක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් ඊයේ (24දා) පත්විය. පාර්ලිමේන්තුවේදී ඊයේ එම කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම පත් කිරීම සිදුවිය.

යාපනයෙන් ඉන්දියාවට ගුවන් ගමන් !

යාපනයේ පලාලි ගුවන් තොටුලේ ධාවන පථය සංවර්ධනය කිරීම සඳහා රජය රුපියල් බිලියන දෙකක් වෙන් කිරිමට තීරණය කර තිබේ.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව උතුරු පළාත් සංවර්ධන අමාත්‍යංශය විසින් සකස් කර ඇති අතර අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. යුද සමයේ හමුදාව හා යුද උපකරණ ප්‍රවාහනය සඳහා පලාලි ගුවන් තොටුපළ පුළුල් ලෙස භාවිතා කරන ලදී.

බුකියම කතා කරපු සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට බලංගොඩදි ප්‍රහාරයක් !

ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයන්හි කතාබහට ලක්වූ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට සංගීත සංදර්ශනයකදී ප්‍රහාරයක් එල්ලව තිබෙනවා.

සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම සහභාගී වූ එළිමහන් ප්‍රසංග දර්ශන වඩාත් ජනප්‍රිය මගී ප්‍රවාහන බස් රථ ආශ්‍රිතවය. එම නිසා එම සංගීත කණ්ඩායම සමාජ ජාලා වෙබ් අඩවියන්හී අතිශය කතාබහට ලක්වුනා.

තවත් දළඹුවෙක් ගොයමට බසී

'සේනා' දළඹුවා මෙන් බඩඉරිඟු වගාවට සහ වී වගාවට හානි කරන තවත් දළඹු වර්ගයක් දිඹුලාගල, මනම්පිටිය, වෙල්යාය ප්‍රදේශයේ ගොයමක සිටියදී ඊයේ (23දා) ගොවි මහතෙකුට හමුවී තිබේ.

මනම්පිටිය, දළුකාන ප්‍රදේශයේ පදිංචි එස්. ප්‍රේමදාස (අවු.50) මහතාට ඔහුගේ කුඹුරේ ගොයම් කොළවල සිටියදී අදාළ දළඹුවා හමුවී ඇත.

බ්‍රිතාන්‍ය නියෝජිතයින් උතුරේ ආණ්ඩුකාර හමුවෙයි

එක්සත් රාජධානි දකුණු ආසියානු කලාපය භාර සම්බන්ධීකාරක ෆර්ගස් ඕල්ඩ් මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා අතර සාකච්ජාවක් ඊයේ(23) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විය.

උතුරු පළාතේ වර්තමාන දේශපාලන තත්ත්වය, සංවර්ධන කටයුතු හා යුද්ධයෙන් අවතැන්ව නැවත පදිංචිවූවන්ගේ තත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදී සාකච්ජා පැවැත්වූහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ති‍්‍රක් නායකයන් පත් කෙරේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව දිස්ති‍්‍රක් නායකයන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තේ ය.

කාලෙකට පස්සේ ආ දුමින්දට පුටුවත් හොයාගන්න බැරිවෙලා

පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක ඊයේ (23දා) දීර්ඝ කාලයකට පසුව මැතිසබයට පැමිණ විපක්ෂයේ අසුන් ගත්තේය.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසු පැවැති සභාවාරවලට සහ ඉන් පසුව පැවැත්වුණු සභාවාරවලට මන්ත්‍රිවරයා සහභාගි නොවීමද විශේෂත්වයකි.

නිදහස් දිනයේ නමත් වෙනස් වෙයි

මෙතෙක් කලක් භාවිත කල නිදහස් දින සැමරුම යන නාමය වෙනුවට එය ජාතික දින සැමරුම ලෙස සංශෝධනය කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් විෂයභාර අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය.

එහිදී අදහස් දක්වමින් අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත්  සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වන වගන්තිය අනුව, ජාතික දිනය (නැෂනල්) National Day යනුවෙන් ඇති බවත් එය Freedom Day යනුවෙන් හැඳින්වෙන්නේ නොමැති බව ද පැවසීය.

රථවාහන රියදුරු දඩ මුදල් ඉහලට

මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කළේ දඩ පැනවීමට අමතරව බරපතල වැරදි කරන ‍රියදුරන්ගේ රියදුරු බලත්‍රය අහෝසි කිරීමට ඇවැසි නීති ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවයි.‍

සරත් එන්. සිල්වාට නොතීසි නිකුත් කෙරේ !

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එළැඹෙන 07 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නොතීසි නිකුත් කලේය.

අධිකරණයට අපහාස කලේ යයි හිටපු අගවිනිසුර එරෙහිව පැමිණිලිකරුවන් තිදෙනෙකු විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් කැදවමින් මෙසේ නියෝග කර තිබේ.

රජයේ විධායක නිලධාරීන් අනතුරු අඟවයි !

රජයේ විධායක සේවාවල නිරත නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ගැටලුව සති දෙකක් තුළ විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කරයි.

ගෝඨාගේ නඩුව කල් ගිය හේතුව මෙන්න !

වීරකැටිය මැදමුලන ඞී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි තිස්නව ලක්‍ෂයක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය කිරීමේ චෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනකුට බස්නාහිර පළාත්බද ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම සඳහා, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණමය බලයක් නොමැති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කිරීම හේතුවෙන් මෙම මූලික විරෝධතාව පිළිබඳව රජයේ පාර්ශවයට කරුණු ඉදිරිපත් කිරීම සඳහා නඩුව නැවත ජනවාරි 31 වනදා කැඳවන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka